You are currently viewing අසම්පූර්ණ උපාධි පාඨමාලා සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාව ලබාදීම.

අසම්පූර්ණ උපාධි පාඨමාලා සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාව ලබාදීම.

මෙම විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර උපාධි අපේක්‍ෂකයකු වශයෙන් ලියාපදිංචි වී එහෙත් නියමිත කාලය තුළ ඌණ සාමාර්ථ සම්පූර්ණ කර ගත නොහැකි වූ ස්වාමින් වහන්සේලාට තම උපාධිය සම්පූර්ණ කර ගැනීමට එක් අවස්ථාවක් ලබාදීමට මෙම විශ්වවිද්‍යාලයේ සනාතන සභාව විසින් තීරණය කර ඇත. මෙම අවස්ථාව ලබා දෙනු ලබන්නේ 2012/2013 අධ්‍යයන වර්ෂයේ සිට මේ දක්වා ලියාපදිංචි උපාධි අපේක්‍ෂක ස්වාමින් වහන්සේලාට පමණි.

ඒ අනුව 2012/2013 අධ්‍යයන වර්ෂයේ සිට මේ දක්වා නියමිත කාලය තුල ඌණ සාමාර්ථ සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ ශිෂ්‍ය ස්වාමින් වහනසේලා අදාළ අයදුම්පත් මෙම විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියෙන් බාගතකර ගෙන එහි තම විස්තර ඇතුළත් කොට 2026.06.30 දිනට පෙර ලැබෙන සේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අධ්‍යයන හා ශිෂ්‍ය සේවා, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිමට හෝ අතින් ගෙනවිත් බාර දිමට කටයුතු කරන ලෙස මෙයින් දන්වා සිටිමි. 2026.06.30 දිනට පසු ලැබෙන අයදුම්පත් මෙම විශේෂ සහන අවස්ථාව සඳහා සළකා බලනු නොලැබේ.

Leave a Reply