Library

Bhiksu University of Sri Lanka

Library

පුස්තකාලයට පිවිසීම හා හැසිරීම


බාහිර පොත්පත්, ලිපිගොනු, කඩදාසි මිටි, කුඩ, වැහි කබා, බෑග්, ගමන් මලූ, ආහාරපාන ආදිය පුස්තකාලයට ගෙන ඒම සම්පූර්ණ යෙන් ම තහනම් ය. පුස්තකාලයට ඇතුළුවීමේ දී ඒවා පිවිසුම අසළ ඇති කාමරයේ තැබිම මැනවි. පුස්තකාලයේ සෑම අංශයක් තුළ ම නිශ්ශබ්දතාව රැුක ගැනීම පාඨකයාගේ යුතුකමක් හා වගකීමක් වේ. පුස්තකාලය තුළ කණ්ඩායම් වශයෙන් රැුස්වීම හා සාකච්ඡුා පැවැත්වීම නොකළ යුතු වේ. පුස්තකාලය තුළ දුම්බීම, ආහාර ගැනීම හා ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් ය. රාක්කයකින් ඉවතට ගන්නා ලද පොතක් රාක්කයේ තැබිය යුතු ස්ථානය ස්ථිර ව ම නො දන්නේ නම් ආපසු රාක්කයට නො දමා අසළ ඇති මේසයක් මත තැබීම වඩාත් සුදුසු වේ. එසේ ම රාක්කගත කර ඇති පොත් නිකරුණේ අවුල් කිරීම ද නො කළ යුතු වේ.