Library

Bhiksu University of Sri Lanka

Library

පුස්තකාලය සාමාජිකත්වය


පුස්තකාලය සාමාජිකත්වය

x විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි ශිෂ්‍යයන්.
x ස්ථීර අධ්‍යයන කාර්ය මණ්ඩලය.
x ස්ථිර අනධ්‍යයන කාර්ය මණ්ඩල.
x තාවකාලික අධ්‍යයන කාර්ය මණ්ඩලය.
x බාහිර විමර්ශකයන් (කියවීම් කටයුතු සඳහා පමණි *).

ලියාපදිංචිවීම සහ පාඨක බලපත‍්‍ර ලබා ගැනීම

විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන් ලියාපදිංචි වන සෑම අයෙකුට ම පුස්තකාලය පරිහරණය කිරීමට අවසර ඇත. ලියාපදිංචි වීම සඳහා පාඨක අයදුම්පත‍්‍රය සම්පූර්ණ කර තම අනන්‍යතා පත‍්‍රය සමග ඉදිරිපත් කළ යුතු ය. ප‍්‍රථම වර්ෂයේ ශිෂ්‍යයන්ට පොත් බැහැර ගෙනයාමේ පාඨක බලපත‍්‍ර තුනක් ලැබෙන අතර දෙවන, තෙවන හා හතරවන වසර ශිෂ්‍යයන්ට පිළිවෙළින් තවත් අමතර පාඨක බලපත‍්‍ර එක බැගින් වැඩිකරනු ඇත. විශේෂ පාඨකසේවා ව්‍යාපෘතියක් යටතේ එක පාඨක ශිෂ්‍ය නමක් පෙළපොත් දහයක් වෙනුවෙන් බලපත් නිකුත් කරනු ලැබේ. ඒ ස`දහා අදාළ අංශ වෙතින් නිර්දේශ ලබාගත යුතුවෙයි.

තම පාඨක බලපත‍්‍ර අන්සතු කිරීම වරදකි. ඒවාට ලබා ගන්නා පොත් පිළිබඳ සම්පූර්ණ වගකීම බලපත‍්‍ර හිමියා සතු වේ. සෑම වසරක ම ජනවාරි, පෙබරවාරි මාස ඇතුළත අනිවාර්යයෙන් ම පාඨක බලපත‍්‍ර අලූත් කිරීම සඳහා සංසරණ අංශයට ඉදිරිපත් කළ යුතු ය. පාඨක බලපත‍්‍ර අලූත් කිරීමෙන් තොර ව පුස්තකාලයෙන් ග‍්‍රන්ථ බැහැර ගෙන යාම සඳහා අවසර දෙනු නො ලැබේ.

අධ්‍යයන කාර්ය මණ්ඩල හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයකන් ද පුස්තකාලය සාමාජිකත්වය ලබා ගැනිමෙන් අනතුරුව පුස්තකාලය පොත් ලබාගැනීමට හිමිකම් ලබති.

විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිවන පශ්චාත් උපාධි අපේක්ෂකයන් සඳහා ද පුස්තකාලය පහසුකම් සැපයීමට නියමිත ය. ඉදිරියේ දී බාහිර පර්යේෂකයන්ට පුස්තකාලයාධිකාරීගේ අවසරය පරිදි පුස්තකාලය පරිශීලනය කිරීමට වැඩ පිළිවෙලක් ඇති කිරීමට නියමිත ය. ඒ ස`දහාවන ක‍්‍රමවේදය සම්බන්යෙන් පුස්තකාලයාධිකාරි අමතන්නේ නම් මැනවි.

ශිෂ්‍ය පාඨක බලපත‍්‍ර අලූත් කර ගැනීම.

සෑම වර්ෂයකම ආරම්භයේ දීම තම පුස්තකාල බැහැර දීමේ බලපත‍්‍ර පොත් බැහැර දීමේ කවුන්ටරයට ඉදිරිපත් කොට අලූත්කරවා ගත යුතු අතර එසේ නොමැති බලපත‍්‍ර සඳහා පොත් නිකුත් කරනු නො ලැබේ. පුස්තකාල බලපත‍්‍ර අලූත්කරවා ගැනීමේ කාලය පුස්තකාලය විසින් ඒ ඒ වර්ෂවල මුල් සතියේම දැනුවත් කෙරෙනු ඇත.

පාඨක බලපත‍්‍ර නැති වීම.

පාඨක බලපත‍්‍රයක් නැති වූ වහා ම ඒ බව ලිඛිත ව පුස්තකාලයාධිකාරීට දැනුම් දිය යුතු ය. නියමිත ආකෘති පත‍්‍රයක් පුරවා මෙසේ දැනුම් දී දින 14 කට පසු නව පාඨක බලපත‍්‍රයක් රු. 25.00ක මුදලක් විශ්වවිද්‍යාලයට ගෙවීමෙන් පසුව ලබා ගත හැකි ය. නැති වූ පාඨක බලපත‍්‍රයක් වෙනුවෙන් වෙනත් කිසිවෙකු විසින් හෝ පොතක් ලබා ගෙන ඇත් නම් එහි වගකීම බලපත‍්‍ර හිමියා වෙත පැවරෙනු ඇත.

පාඨක බලපත‍්‍ර විකෘති කිරිම.

පුස්තකාල පොත් බැහැර ගෙන යාමේ තම බලපත‍්‍රය හානිකර ගැනීම, එහි අඩංගු සටහන් නො පෙනෙන පරිදි දුර්වර්ණ වී භාවිතයට අපහසු පරිදි දුර්වල වී ඇතොත් ඒ සඳහා අලූතින් බලපත‍්‍රයක් ලබා ගැනීම පිණිස රු.25/= ක මුදලක් විශ්වවිද්‍යාලයට ගෙවිය යුතු ය.

අනන්‍යතා පත‍්‍රය.

පුස්තකාලය පරිශීලනය සඳහා පැමිණෙන විට තම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා විශ්වවිද්‍යාලයෙන් නිකුත් කරනු ලබන ශිෂ්‍ය හැඳුනුම්පත අනිවාර්යයෙන් ම ඉදිරිපත් කළ යුතු ය.