Library

Bhiksu University of Sri Lanka

Library

වැරදි සහ දඩුවම්


පොත් බැහැර ගෙන යාම.

පුස්තකාලයේ බැහැර දෙන අංශයෙන් පොත් නිකුත් කිරීම කරනු ලැබේ. පොත් බැහැර ගෙන යාමේ දී පාඨක බලපත‍්‍ර සහ අනන්‍යතා පත‍්‍රය බැහැරදීමේ කවුන්ටරයට ඉදිරිපත් කළ විට අවශ්‍ය දින මුද්‍රා තබා කවුන්ටරයේ බැහැර දීමේ කාර්යය නිම වූ පසු එය පුස්තකාලය ප‍්‍රධාන දොරටුවේ ආරක්ෂක නිලධාරියාට පෙන්වා ඔහු විසින් එකී ග‍්‍රන්ථවල ප‍්‍රතිග‍්‍රහණ අංකය සටහන් කර ගත් පසු බැහැරගෙන යා හැකි ය. අන්‍ය සාමාජිකයන්ගේ පාඨක බලපත‍්‍රවලට පොත් නිකුත් කරනු නො ලැබේ. පුස්තකාලයෙන් බැහැර ගෙන යාමට ලබා ගත් පොත් කිසිදු ආකාරයකින් යළි භාර දීමට නොවේ නම් පුස්තකාලය තුළට ගෙන ඒම ද නො කළ යුතු ය.

පොතක් ලබා ගැනීමේ දී පරීක්ෂාකාරී වීම

පුස්තකාලයෙන් පොත් ලබාගන්නා විට ඒවායේ පිටු අඩු ද, ඉරී ගොස් තිබේ ද, කුරුටු ගෑමෙන් හෝ වෙන යම් ආකාරයකින් අපවිත‍්‍ර කොට තිබේ ද යනාදිය මැනවින් පරීක්ෂා කොට බලා, එවැන්නක් වේ නම්, අදාළ නිලධාරියා වෙත වහා ම දැනුම් දිය යුතු ය. පොතක් ආපසු භාර දෙන විට එවැන්නක් අනාවරණය වුවහොත් එහි සම්පූර්ණ වගකීම අදාළ පාඨකයාට පැවරේ.

පොත්වලට හානි කිරීම සහ සොරා ගැනීම.

පිටු ඉරීමෙන්, කුරුටු ගෑමෙන් හෝ අයථා පරිහරණයෙන් පොත්වලට හානි කිරීම හා පොතක් හෝ එහි කොටසක් හෝ සොරකම් කිරීම හා අනවසරයෙන් බැහැර ගෙන යාම බරපතළ වැරදි ලෙස සැලකේ. එවැනි පාඨකයන්ට විරුද්ධ ව විනයානුකූල ව පියවර ගනු ලැබේ.

පුස්තකාල පොත් ළ`ග තබා ගැනීමේ කාලය ඉකුත් වීම.

පුස්තකාලයට අයත් පොතක් බැහැර දෙන උපරිම කාලය ඉක්මවන අදාළ දිනට හෝ ඊට පෙර නියමිත පරිදි අලූත් කර නොගෙන තමා ළ`ග වැඩි කාලයක් ර`දවා තබා ගැනීම නො කළ යුත ය. එසේ තබා ගත යුත්තේ නම් ඒ සඳහා ලිපියක් මගින් පුස්තකාලයාධිපතිගේ අවසරය ලබා ගත යුතු ය (වෙනත් පාඨක ඉල්ලීම් නොමැත්තේ නම් නැවත පුස්තකාලයට බාර දෙන දිනය දීර්ඝ කොට ගතහැකිය*. එසේ නොමැතිව ළ`ග තබා ගන්නා සෑම පොතක් සඳහා ම අතිරේකව ගතවන සෑම දිනයක් වෙනුවෙන් ම අදාළ ප‍්‍රමාද ගාසතු අයකරනු ලැබේ. දැනට මෙම අයකරීම දිනකට රුපියලකි එකී මුදල විශ්වවිද්‍යාලයේ සරප් වෙත. ගෙවා ලබාගත් රිසිට් පත පුස්තකාලයට ඉදිරිපත් කොට අවශ්‍ය ඉදිරි කටයුතු සලසා ගැනීම මැනවි.

පුස්තකාලයෙන් ලබා ගත් පොතක් නැති වීම.

පුස්තකාලයෙන් ලබා ගත් පොතක් නැති වූ වහා ම ලිපියක් මගින් දැනුම් දිය යුතුය. එසේ දැනුම් දී සති දෙකක් තුළ පොත සොයා ගත නො හැකි වුවහොත් නැති වූ පොතේ පිටපත් සැපයීම හෝ නැති වූ පොතෙහි වටිනාකම මෙන් දෙගුණයක් හා පුස්තකාල දඩමුදල් ලෙස අමතරව රු.50/= ද ගෙවිය යුතු වේ. පුස්තකාලය මගින් අලූතෙන් බ`දින ලද පොතක් නම් එකී බැ`දුම් ගාස්තුද ගෙවිය යුතු ය. ඉතා දුර්ලභ ප‍්‍රකාශනවල ප‍්‍රකාශිත වර්ෂය හා ඒවා යළි පුස්තකාලයට ලබා ගැනීමේ අපහසුව සලකා පුස්තකාලය කමිටුව විසින් අදාළ අයකරවා ගැනීම තීරණය කරනු ලැබෙයි.

 

පුස්තකාල සාමාජිකත්වයෙන් නිදහස්වීම.

අධ්‍යයන කාලය අවසන් වීම නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ අභ්‍යන්තර ශිෂ්‍ය භාවය අහෝසි වීමෙන් පුස්තකාලය වරප‍්‍රසාද අහිමි වන අතර, ඒ වනවිට තමන් විසින් ලබා ගත් පොත්පත් හා පාඨක බලපත් ආපසු භාර දී පුස්තකාලය වගකීමෙන් නිදහස් වීමේ සහතිකයක් පුස්තකාලයාධිකාරීගෙන් ලබා ගත යුතු ය. මේ සහතිකය ඉදිරිපත් කරන තුරු කිසි ම ශිෂ්‍යයෙකුට උපාධි සහතිකය හෝ වෙන යම් සහතිකයක් විශ්වවිද්‍යාලය මගින් නිකුත් නො කරනු ඇත.
සේවයෙන් විශ‍්‍රාම ලැබූ හෝ විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ලයට අයත් පුස්තකාල සාමාජිකවරු ද පුස්තාලය සාමාජිකත්වයේ සියලූ ගනු දෙනු අවසන්කළ බවට පුස්තකාලයාධිකාරිගේ ලිඛිත නිර්දේශ ලබාගැනීම අවශ්‍ය වන්නේ ය.