Computer Laboratory

The Departments of Languages of the Faculty of Languages and Cultural Studies is endowed with a state of the art Language Laboratory which enables the students to pursue their studies using the latest technology such as internet and audio visual aids.



භාෂාගාරය


ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ භාෂා අධ්‍යයන අංශය යටතේ භාෂාගාරය පාලනය වෙයි. විශේෂයෙන් මෙය සිංහල, සංස්කෘත, ඉංග‍්‍රීසි ආදී භාෂා විෂයයන්ට අදාළව ක‍්‍රියාත්මක වෙයි. දහදෙනෙකුට එකවර භාෂාවක් ශ‍්‍රවණය කිරීම වැනි පහසුකම් උපකරණ මගින් මෙහිදී සිදු කළ හැකිය. මල්ටිමීඩියා වැනි ආධාරක මගින් ශිෂ්‍යයනට දේශන ග‍්‍රහණය කරගැනීමේ අවස්ථාව සැලසෙයි. වායු සමීකරණය සහිත මෙම කාමරයෙන් වරකට තිස් දෙනෙකුට පමණ දේශන අධ්‍යයන පහසුකම් පවතියි. රූපවාහිනී හා අන්තර්ජාල පහසුකම් ද ලබා ගත හැකිය. පටිගත කළ දේශන වැඩසටහන්, චිත‍්‍රපට දර්ශන, ඞී. වී. ඞී. හා සම්බන්ධ වැඩසටහන් දර්ශනය කිරීමේ හා ශ‍්‍රවණය කිරීමේ අචස්ථාද උදාකර ගත හැකිය. ඉංග‍්‍රීසි භාෂාවට අදාළ මුද්‍රිත ග‍්‍රන්ථ කීපයක්ද අවශ්‍ය වූ විට පරිහරණය කළ හැකිය.