Department of Buddhist and Pali Studies


Overview

ශී‍්‍ර ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශය බෞද්ධ අධ්‍යයන පීඨය යටතේ පවත්වාගෙන යනු ලබයි. විශ්වවිද්‍යාලීය පනතේ අරමුණු සාධනය කර ගැනීමට සුවිශාලතම කාර්ය භාර්යක් සිදුකරන, මෙම අධ්‍යයන අංශය යටතේ බෞද්ධ දර්ශනය, බෞද්ධ ශිෂ්ඨාචාරය සහ පාලි යන විෂයත‍්‍රයම සිංහල හා ඉංගී‍්‍රසි යන දිවි භාෂාවෙන්ම හැදෑරීමට ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට අවස්ථාව සලසා දී ඇත. මහාචාර්යවරු දෙනමක් සහ ජ්‍යෙෂ්ඨ, ආධුනික සහ බාහිර වශයෙන් ආචාර්යවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත වන මෙම අධ්‍යයන අංශය දේශීය සහ විදේශීය වශයෙන් ථෙරවාද බුදුදහම ධර්ම ශාස්ත‍්‍රීය වශයෙන් ප‍්‍රචාරය කිරීමට සමත් භික්‍ෂූන් වහන්සේලා පුහුණුකිරීම අරබයා පිහිටුවා ඇත.