Department of Languages Studies


Overview
හැඳින්වීම

ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨය යටතේ ඇති භාෂා අධ්‍යයනාංශය විෂය පාඨමාලා 7 කින් යුක්ත වෙන අතර ස්ථිර කාර්ය මණ්ඩලය කථිකාචාර්යවරු 08 දෙනෙකුගෙන් හා උපදේශකවරු දෙදෙනෙකුගෙන් යුක්ත වේ. මෙහි ඇති විෂය පාඨමාලා අතරින් සංස්කෘත විෂය විශේෂවේදී උපාධි පාඨමාලාවක් ලෙස හැදෑරීමට අවස්ථාව ලබාදී ඇත. අනෙකුත් විෂය පාඨමාලා ලෙස සංස්කෘත, සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි-උපාධි, ඉංග‍්‍රීසි-අනිවාර්ය විෂයන් ද, ඊට අමතරව චීන සහ ජපන් යන විෂයන් ද බාහිර ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබයි. භාෂා ශාස්ත‍්‍රඥයන්ගෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේලා බිහිකරමින් ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ අරමුණු ඉටුකිරීම භාෂා අධ්‍යයනාංශයේ අපේක්ෂාවයි.