Message from the Head of Department
(අංශාධිපති හිමියන්ගේ පණිවිඩය)


බෞද්ධ අධ්‍යයන පීඨයට අයත් අධ්‍යයන අංශ දෙකින් ප‍්‍රධානතම අධ්‍යයන අංශය වන්නේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයයි. මෙම අධ්‍යයන අංශය මහාචාර්යවරු දෙදෙනෙකුගෙන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කථිකාචාර්ය, ආධුනික කථිකාචාර්ය සහ තාවකාලික කථිකාචාර්ය ආදී වශයෙන් පහළොස් දෙනෙකුගෙන් පමණ අධ්‍යයන කාර්ය මණ්ඩලයකින් සමන්විත වෙයි. අධ්‍යයන අංශ කාර්ය මණ්ඩලය සහ ඉගැන්වීම් කටයුතු බෞද්ධ අධ්‍යයන පීඨ ගොඩනැගිල්ල තුළම පවත්වාගෙන යනු ලැබේ. බුදු දහම දෙස් විදෙස්හි ප‍්‍රචාරය කිරීමට සමත් ධර්ම විනය දෙකින් පිරිපුන් භික්ෂුවක් තැනීම මෙහි කාර්ය භාරයයි. ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාල පනතෙහි ස`දහන් මූලික අරමුණු සහ පරමාර්ථ සාධනය කර ගැනීමේ අභිමථාර්ථයෙන් පාඨමාලාවන් සහ අධ්‍යයන කාර්යභාරයන් සිදු කෙරෙයි.

මෙම අධ්‍යයන අංශය මගින් ඉගැන්වෙන බෞද්ධ දර්ශනය විෂය තුළින් මුල් බුදු සමය ථෙරවාදී බෞද්ධ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමත්, බෞද්ධ ශිෂ්ටාචාරය විෂයෙන් අදාළ පරිසරය සහ තදනුබද්ධ සංස්කෘතිය පිළිබ`ද පරීක්ෂාවක් සිදු කෙරෙයි. එසේම මල් බුදුසමය හෙවත් ථෙරවාදය හදාරන විද්‍යාර්ථින් තම අධ්‍යයන ක්‍ෂේත‍්‍රයන් පු`ඵල් කර ගැනීම ස`දහා පාලි භාෂාව හැදෑරීම වැදගත් වේ. ඒ ස`දහා පාලි විෂය පිළිබ`ද ඉගැන්වීම් සිදු කරයි. මෙම සියලූ විෂයන් සිංහල සහ ඉංගී‍්‍රසි යන ද්වි භාෂාවෙන්ම ඉගැන්වීම් කටයුතු සිදු කරයි. අභ්‍යන්තර සිසුන් ස`දහා අදාළ විෂයන් වසර තුනක ශාස්ත‍්‍රවේ දී උපාධිය ද, වසර හතරක ශාස්ත‍්‍රවේ දී විශේෂ උපාධිය ද, හැදෑරීමට පහසුකම් සලසා ඇත.

මූලික උපාධියෙන් පසුව පිළිගත් පශ්චාත් උපාධි සියල්ලක්ම හදෑරීමට අවස්ථා සලසා ඇත. එසේම බෞද්ධ හා පාලි අධ්‍යයන අංශය මගින් අභ්‍යන්තර මෙන්ම බාහිර සිසුන් ස`දහා එක් අවුරුදු බෞද්ධ අධ්‍යයන ඩිප්ලා්මා පාඨමාලාවක් ද, පාලි භාෂාව පිළිබ`ද එක් අවුරුදු සහතික පත‍්‍ර පාඨමාලාවක්ද පවත්වාගෙන යනු ලබයි. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් පිහිටුවාගෙන ඇති බෞද්ධ හා පාලි අධ්‍යයන අංශ සංසදය මගින් ශිෂ්‍ය ආකල්පය සහ කුසලතා වැඩි දියුණු කර ගැනීමට අවකාශ සලසා දී ඇත. ඉහත ස`දහන් කරන ලද කරුණු සහ අනුෂාංගික කටයුතු උපරිමයෙන් සිදු කිරීමට කටයුතු කිරීම සහ ම`ග පෙන්වීම අධ්‍යයන අංශයේ කාර්ය භාරයයි.


අංශාධිපති,
ආචාර්ය, පූජ්‍ය කඩවත්ගම පියරතන ස්ථවිර,
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශය.

$(document).ready(function () { //set up some minimal options for the feedback_me plugin fm_options = { bootstrap: true, name_placeholder: "Name please", name_required: true, message_placeholder: "Go ahead, type your feedback here...", feedback_url: "send_feedback_bootstrap", custom_params: { csrf: "my_secret_token", user_id: "john_doe", feedback_type: "bootstarp" }, delayed_options: { success_color: "#5cb85c", fail_color: "#d2322d", delay_success_milliseconds: 3500, send_success : "Thanks for your feedback, now go ahead and follow me on twitter/github :)" } }; //init feedback_me plugin fm.init(fm_options); });