Message from the Head of Department
(අංශාධිපති හිමියන්ගේ පණිවිඩය)


ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වෙබ් පිටුව සඳහා භාෂා අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධාන හිමියන්ගේ පණිවිඩය.
ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ආරම්භ කොට කලක් ගත වී හෝ අන්තර්ජාල නිල වෙබ් අඩවියක් ආරම්භ කිරීම පිළිබඳව අතිගරු මහෝපාධ්‍යාය මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන හිමියන්ටත් මේ සඳහා මූලික වී ක‍්‍රියා කළ අධ්‍යයන මෙන්ම අනධ්‍යයන කාර්යමණ්ඩලවලටත් අපගේ බලවත් සතුට ප‍්‍රකාශ කරමි. මෙම වෙබ් අඩවිය තුළින් විශ්වවිද්‍යාලය පිළිබඳව ජාතික මෙන්ම ජාත්‍යන්තර විමර්ශකයන්ට ඉමහත් ප‍්‍රයෝජනයක් වේය යනු විශ්වාසයයි. භාෂා අධ්‍යයන අංශය, භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ ගරු පීඨාධිපති මහාචාර්ය කනංගමුවේ රාහුල හිමියන් යටතේ පාලනය වෙයි.
අධ්‍යයන කාර්යමණ්ඩලය වශයෙන්

මහාචාර්ය කනංගමුවේ රාහුල හිමි (සිංහල විෂය*
මහාචාර්ය අලහේනේගම සුමනරතන හිමි (සිංහල විෂය*
සහාය මහාචාර්ය කරගස්වැවේ විමලානන්ද හිමි (සංස්කෘත විෂය*
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කණුමුල්දෙණියේ චන්දසෝම හිමි (සංස්කෘත විෂය*
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිවිතිගල සුමිත්ත හිමි (ඉංග‍්‍රීසි* (අධ්‍යයන නිවාඩු ලබාගෙන ඇත.*
කථිකාචාර්ය මැඩියාවේ පියරතන හිමි (ඉංග‍්‍රීසි*
කථිකාචාර්ය බෝලියද්දේ ධම්මකුසල හිමි (සිංහල විෂය*
කථිකාචාර්ය වැලිපිටියේ ඉන්දානන්ද හිමි (සංස්කෘත විෂය*
උපදේශක හල්පිටියේ සමිතසිරි හිමි (දෙමළ විෂය*
උපදේශක ලලිත් පේ‍්‍රමකුමාර මහතා (ඉංග‍්‍රීසි විෂය* යන පිරිස සේවය කරති. බාහිර කථිකාචාර්යවරු හා බාහිර උපදේශකවරු ද ඊට අමතරව ක‍්‍රියා කරති.

අනධ්‍යයන කාර්යමණ්ඩලය වශයෙන් කාර්මික නිලධාරි විමුක්ති කාවින්ද මහතාත් (පරිගණක* සිසිර ජයලත් මහතාත් (ලිපිකරු* පුහුණුවන පිරිසත් කටයුතු කරති. ඉංග‍්‍රීසි, සිංහල, සංස්කෘත, දෙමළ, ජපන්, චීන යනාදී භාෂා කීපයකින් ශිෂ්‍ය සාධනය ඵල ගන්වති. භාෂාගාරයක් මගින් ආචාර්ය ශිෂ්‍ය දෙපාර්ශවයේ භාෂා ඥානය පුළුල් කිරීමට ප‍්‍රයත්න දරති. දේශන පැවැත්වීම් පරිගණක අත්දැකීම් පුහුණු කිරීම් වැනි දේ හැරුණු කොට සමිති සංගම් මගින්ද ශිෂ්‍ය අත්දැකීම් පුළුල් කරති.
නව වෙබ් අඩවි පහසුකම් නිසා ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන ඥානයත් අධ්‍යයන කාර්යමණ්ඩලයේ දැනුම බෙදා දීමේ අධ්‍යාපනඥ ශක්‍යතාවත් පුළුල්වේය යනු අපගේ බලවත් හැඟීමයි.

මෙයට
මහාචාර්ය අලහේනේගම සුමනරතන හිමි
අංශ ප‍්‍රධාන
භාෂා අධ්‍යයනාංශය
භාෂා හා සංස්කෘතික අධ්‍යයන අංශය

2016 - 12 - 21

 

 

 

        

 


$(document).ready(function () { //set up some minimal options for the feedback_me plugin fm_options = { bootstrap: true, name_placeholder: "Name please", name_required: true, message_placeholder: "Go ahead, type your feedback here...", feedback_url: "send_feedback_bootstrap", custom_params: { csrf: "my_secret_token", user_id: "john_doe", feedback_type: "bootstarp" }, delayed_options: { success_color: "#5cb85c", fail_color: "#d2322d", delay_success_milliseconds: 3500, send_success : "Thanks for your feedback, now go ahead and follow me on twitter/github :)" } }; //init feedback_me plugin fm.init(fm_options); });