Faculty of Buddhist Studies

Bhiksu University of Sri Lanka

Faculty of Buddhist Studies

Message from the Dean


1996 අංක 26 දරණ බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනතේ පැවති අඩු පාඩු සකස් කරමින් 2012 අංක 15 දරණ බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල :සංශෝධන* පනතින් විශ්වවිද්‍යාල අභිධානය ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය යනුවෙන් සංශෝධනය වියග 2012 අංක 15 දරණ බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල :සංශෝධන* පනතින් විශ්වවිද්‍යාලයට පීඨ පිහිටුවීමේ බලය පවරා ඇතග ඒ අනුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් පිහිටුවන ලද පීඨ දෙක අතරින් බෞද්ධ අධ්‍යයන පීඨය එකකිග
මෙම පීඨය යටතේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශය හා ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයනාංශය ක්‍රියාත්මක වේග බෞද්ධ දර්ශනය ප්‍රධාන සමය අධ්‍යයනය පිළිබද පර්යේෂණාත්මක දැනුම ප්‍රවර්ධනය කිරීමත්ල පාලි භාෂා ඥානය වැඩි දියුණු කිරීමත් බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයෙන් සිදු කරන අතරල භික්ෂු ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයනාංශයෙන් සිදු කෙරේග විශේෂයෙන් මෙහිදි බෞද්ධ භාවනාවල පුස්කොළ ලිවීමල සිවුරු මැසීමල පරිගණක අධ්‍යයනය ආදි විෂයයන් පිළිබද න්‍යායාත්මක දැනුම ලබා දීම හා ප්‍රායෝගික පුහුණුව ලබා දෙයිග තවද ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයනය යනුවෙන් විෂයයක් සංවර්ධනය කිරීමද සිදු කෙරේග
සමය සමයාන්තර දැනුමෙන් පොහොසත් සමාජ සංවේදි ප්‍රායෝගික භික්ෂුවක් බිහි කිරීම අපගේ අරමුණ වේග