ERP
CQA
LMS
+94 25-2236760
logotype

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර.

ඓතිහාසික අනුරාධපුර රාජධානි සමයේ දේවානම්පියතිස්ස මහරජුගේ කාලයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවට වැඩමවාගෙන සම්ප‍්‍රාප්ත වූහ. එතැන් සිට උන්වහන්සේගේ අනුගාමික ශාස්ත‍්‍රධර ධර්මධර බුද්ධපුත‍්‍ර භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටක බුද්ධ ධර්මය ආරක්ෂා කිරීමටත්, පෝෂණය කිරීමටත් දිවි දෙවැනි තබා උත්සුක වූහ. උන්වහන්සේලාගේ දැඩි ප‍්‍රයත්නය කරුණු කොට ගෙන ආරාම කේන්ද්‍ර කොටගත් උත්තරීතර උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන නිර්මාණය විය. අනුරාධපුර මහා විහාරය, අභයගිරිය, දකුණු පළාතේ තිස්සමහාරාමය, සිතුල්පව්ව වැනි අධ්‍යාපන ආයතන මුල්ම භික්ෂු අධ්‍යාපන ආයතන විය. භික්ෂු අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල මට්ටමට දියුණු වී පැවතුණි. එම මහගු ස්ථාන ධර්ම ශාස්ත‍්‍ර ඥානය සොයන ගිහි පැවිදි පිරිස්වල තෝතැනි බවට පත් විය. එහි කාලය කෙමෙන් ගෙවී යත්ම විදේශීය බලවේග හා වෙනත් කරුණු නිසාවෙන් ප‍්‍රශංසනීය අධ්‍යාපන ක‍්‍රමය විපරීත වන්නට විය. එය බුද්ධ ශාසනයේ දියුණුවට බලවත් පහරක් විය.

ක්‍රි.ව. 1873 වර්ෂය හා 1875 වර්ෂය බෞද්ධ අධ්‍යාපන ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරිච්‌ඡේදයකි. ඒ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ඇති වීම සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන නිර්මාණය වීමයි. ඒවා බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථාන බවට ද පත් විය. එම සියවසේදීම තත් පරිවේණාද්වය විශ්වවිද්‍යාල බවට පත් වූයේ ධර්මශාස්ත‍්‍ර අංශයෙන් වඩාත් පුළුල් වීමක් හා ප‍්‍රබෝධයක් ඇති කිරීමේ අභිලාෂයෙනි. ආරම්භයේ එම බෞද්ධ විශ්වවිද්‍යාල දෙකින් සම්බුද්ධ ශාසනයේ උසස් විනයධර බහුශ‍්‍රැත වියත් පඩිවරු පහළ වූහ. එහෙත් එය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීමට අවස්ථාව නොවුණි. එම ආයතනය භික්ෂූන් වහන්සේලාගේ අධිකාරිත්ත්වයෙන් ගිලිහිණ. විද්‍යෝදය විද්‍යාලංකාර යන ශ්‍රේෂ්ඨ නාමයෙන් පවා ඒවා ඉවත් විය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය යන මිශ‍්‍ර ආයතන දක්නට ලැබෙන්නේ ඉන් අනතුරුවය.
විසිවන සියවසේ මධ්‍ය භාගය උදා වෙත්ම භික්ෂූන් වහන්සේලාටම යැයි කිවහැකි උසස් අධ්‍යාපන ආයතනයක් පහළ නොවීම එවකට බලවත් අඩුපාඩුවක් විය. ඒ වෙනුවෙන් වියත් ධර්මධර භික්ෂූන් වහන්සේලා නොයෙක් අවස්ථාවලදී හඩ අවදි කළහ. මෙහි අවශ්‍යතාව වටහාගත් එවකට පැවති රජය භික්ෂු අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨ අභිමතාර්ථ රාශියක් ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් 1968 අංක 106 දරන බුද්ධශ‍්‍රාවක ධර්ම පීඨ පනතින් ඓතිහාසික අනුරාධපුර රාජධානියේ සුප‍්‍රතිෂ්ඨිත මහමෙවුනා උද්‍යානයේ මහ රහතන් වහන්සේලා වැඩ සිටි මහා විහාර භූමියේ බුද්ධශ‍්‍රාවක ධර්ම පීඨය ආරම්භ කළේය. ඒ මාර්ගයෙන් අවුරුදු විසි පහකටත් වැඩි කාලයක් ලෝක ශාසන විෂයෙහි උතුම් වූ එසේම අර්ථදායක බහුශ‍්‍රැත වූ ධර්මයෙන් සන්නද්ධ වූ විනයධර භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමේ කටයුත්ත මහජනයාට ප‍්‍රදර්ශනය විණ. එය වැඩි කලක් ධම_ ශාස්තී‍්‍රය අධ්‍යාපන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යාමට නොහැකි විය. 1994 -1995 යන අවධිවල නොයෙක් බලපෑම් හේතු කොට ගෙන බුද්ධශ‍්‍රාවක ධර්ම පීඨයේ පරමාර්ථ සාධනය කර ගැනීමට නොහැකි වූ තත්ත්වයක් උදා වූයෙන් බුද්ධශ‍්‍රාවක ධම_පීඨයද භික්ෂු අධ්‍යාපනයෙන් ගිලිහුණු නාමිකව පමණක් පැවති ආයතනයක් බවට පත් වූයේ තවත් වරක් භික්ෂු අධ්‍යාපනය කෙරෙහි උසස් අධ්‍යාපන ආයතනයක් අහිමි වීමෙනි. වසර ගණනාවක් නාමිකව පැවති මේ අධ්‍යාපන ආයතනය සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා විවර කළ යුතු යැයි කල්පනා කළ එවකට පැවති රජය උගත් බහුශ‍්‍රැත ධම_ විනයධර භික්ෂූන් වහන්සේලාගේ මග පෙන්වීම යටතේ බුද්ධශ‍්‍රාවක ධම_ පීඨය බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයක් වශයෙන් ප‍්‍රතිෂ්ඨාපනය කළ යුතු යැයි කල්පනා කළේය. දැනුමත් ශික්ෂණයත් පාදක කර ගත් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නිර්මාණය කිරීම උදාර පරමාර්ථ කොට 1996 අංක 26 දරන බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනතින් පිහිටුවන ලද මෙම විශ්වවිද්‍යාලය සුවිශේෂ ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් වන්නේ එය භික්ෂූන් වහන්සේ සඳහා පමණක් ශී‍්‍ර ලංකාවේ පිහිටුවන ලද එක ම විශ්වවිද්‍යාලය වන නිසාය. ඒ අනුව ධර්ම ශාස්ත‍්‍රඥානයෙන් හා සුපේශල භික්ෂු ආකල්පයන්ගෙන් පරිපෝෂිත සඟ පරපුරක් නිර්මාණය කිිරීමේ බලාපොරොත්තුවෙන් 1997 ක් වූ ජූලි මස පළමුවෙනි දින බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්්වවිද්‍යාලය අනුරාධපුර මහමෙව්නා උයන් බිම තුළ ස්ථාපනය විය. බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය සඳහා පළමු ශිෂ්‍ය කණ්ඩායම 1998 මැයි මාසයේදී බඳවා ගන්නා ලදි. අනුරාධපුර මහාවිහාර උසස් අධ්‍යාපන ආයතන සිහි කැඳවීමෙන් උදා කළ මෙම සරසවිය විජය ශී‍්‍ර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ, ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයන් වහන්සේ, ෙඡ්තවන මහා චෛත්‍ය රාජයන් වහන්සේ, අභයගිරි මහා චෛත්‍ය රාජයන් වහන්සේ, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථානය හා වෙස්සගිරිය සමීපයෙහි ප‍්‍රතිෂ්ඨාපනය වී පවතී.
බෞද්ධ අධ්‍යාපනය ප‍්‍රධානතම විෂය සීමාව කොට ඊට ආනුෂාංගික අවශේෂ විෂයයන් කෙරෙහි අවධානය යොමු කරමින් පෙර අපර දෙදිග විවිධ භාෂා හා විෂයයන් හැදැරීම සඳහා ශිෂ්‍ය භික්ෂූන්ට අවකාශ හා පහසුකම් සලසාදීමට විශ්වවිද්‍යාලය නිරතුරුව ම බැඳී සිටි. විශ්වවිද්‍යාලය ආරම්භක අවධියේ සිට ම පැවති ප‍්‍රධානම අභියෝගය වූයේ එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක ස්ථාපිත වීම නිසා නව ඉදිකිරීම් පිළිබඳ ගැටලූ සහගත තත්වයක් පැවතීමය. ඒ අනුව සියලූ ගැටලූකාරී තත්වයන් මගහරිමින් නව ප‍්‍රතිසංස්කරණයන්ට අනුගතව 2012 වර්ෂයේ පාර්ලිමේන්තු පනතකින් සම්මතව එකල පැවති බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය ප‍්‍රමාණවත් නාගරික පරිසරයක් ඇති නව භූමි භාගයක් ද එක්කර ගනිමින් ස්ථාපිත වනුයේ ජයග‍්‍රහණ රාශියක් අත්පත් කරගනිමිනි.
2012 වසරේ බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනත 2012 අංක 15 දරන පාර්ලිමේන්තු පනත මගින් සංශෝධනය කෙරෙන්නේ විශ්වවිද්‍යාලයීය නාමය ද ‘‘ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය’’ යනුවෙන් සංශෝධනය කෙරෙමිනි. එතෙක් අධ්‍යයන අංශ හතරක් යටතේ කි‍්‍රයාත්මක වූ අධ්‍යයන කි‍්‍රයාපටිපාටිය අධ්‍යයන පීඨ දෙකක් යටතේ තත් අධ්‍යයන අංශ හතරෙන්ම කි‍්‍රයාත්මක වීමට විධි විධාන සැලසිණ. එය විශ්වවිද්‍යාලයීය ප‍්‍රගමනයෙහි එක් අවස්ථාවක් සනිටුහන් කරන්නකි. 2013 වසරේ එම අධ්‍යයනාංශ පීඨ මණ්ඩල දෙක පිහිටුවන ලදි. බෞද්ධ අධ්‍යයන පීඨය හා භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨය යනුවෙන් පීඨ දෙක නම් කරන ලද අතර විශ්වවිද්‍යාලයීය පනතෙහි අරමුණු සාධනය කර ගැනීමෙහිලා තත් පීඨ මණ්ඩල අධ්‍යාපනය වඩාත් සංවිධාන ගත කොට ඇත. ති‍්‍රපිටක අධ්‍යයන හා භාවනාව සඳහා මූලිකත්වය දෙන අතර සමයාන්තර අධ්‍යයන මෙන්ම ධම_ ප‍්‍රචාරය සඳහා අවැසි භාෂාන්තර ඥානය, තාක්ෂණික දැනුම ලබා දීමද විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කි‍්‍රයා පටිපාටිය තුළ කේන්ද්‍රගත කොට ඇත.
1996 අංක 26 දරන බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය පනතේ 1 කොටසේ (03* වන වගන්තියට අනුව මෙම විශ්වවිද්‍යාලයයේ පරමාර්ථ පහත සඳහන් පරිදිය.

x බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුකූලව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම.
x විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතර බෞද්ධ භාවනාව පිළිබඳව පුහුණුව හා පර්යේෂණ ප‍්‍රවර්ධනය කිරීම.
x ථෙරවාද බුද්ධධර්මය ශී‍්‍ර ලංකාවේ හා විදේශීය රටවල ප‍්‍රචාරය කිරීමට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම.
x බුද්ධධර්මය හැදෑරීමට සහ ඒ පිළිබඳව පර්යේෂණ කිරීමට ධෛර්යය දීම.
x බෞද්ධ සංස්කෘතික සහ එහි අගයන් ප‍්‍රවර්ධනය කිරීම.
x ඉහත සඳහන් පරමාර්ථවලට සම්බන්ධ හෝ ආනුෂංගික වෙනත් කවර වුවද දෙයක් කිරීම.

මෙම පරමාර්ථ ක්‍ෂාත්ක්‍ෂාත් කරගැනීමට සුදුසු පරිදි විශ්වවිද්‍යාලයීය ප‍්‍රතිශෝධන ප‍්‍රතිෂ්ඨාපනයෙහි අරමුණුද පහත පරිදි දැක්වීමට පුළුවන.
x ශිෂ්‍ය භික්ෂූන් වැඩි පිරිසකට උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම් ප‍්‍රවර්ධනය කිරීම.
x මූලාශ‍්‍රය අධ්‍යයනය මගින් ථෙරවාද බුද්ධධර්මය පිළිබඳ විචක්ෂණ දැනුමක් ලබා ගැනීමට මග පෙන්වීම.
x ථෙරවාද නො වන ප‍්‍රධාන බෞද්ධ සම්ප‍්‍රධායයන්ගේ මූලික ඉගැන්වීම් පිළිබඳ සාමාන්‍ය දැනුමක් ලබා ගැනීමට මග පෙන්වීම.
x බෞද්ධ භාවනාව පිළිබඳ පර්යේෂණාත්මක දැනුමක් හා ප‍්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ ගුරු උපදේශ ලබාදීම.
x බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ විචක්ෂණ වීමට අවශ්‍ය දේශන සහ වැඩමුළු සඳහා සම්පත් පුද්ගල සහාය ලබාදීම.
x වඩාත් ඵලදායී භාෂා පිළිබඳ ප‍්‍රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම.
x භික්ෂු ජීවිතයේ අගය පිළිබඳවත් භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳවත් වටහා ගැනීමට අවශ්‍ය සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු සංවිධානය කිරීම.
x ධර්ම සන්නිවේදන, ශාසනික වතාවත් ඉටු කිරීම, ආගමික කටයුතු මෙහෙයවීම ආදිය පිළිබඳ සම්ප‍්‍රදායානුකූලවූත් විචාරාත්මකවූත් දැනුමක් ලබා ගැනීමටත්, ඒවා පිළිබඳ ශ‍්‍රද්ධා ජනනීය ආකල්පයක් ඇති කර ගැනීමට පසුබිම සකස් කිරීම.
x ධර්ම ශාස්ත‍්‍රීය සේවයට, ආගමික සහජීවනයට සහ සමාජ සේවයට අවශ්‍ය ගුණාංග ප‍්‍රවර්ධනය කර ගැනීමට සහාය වීම.
x අන්‍යාගමික ප‍්‍රධාන ඉගැන්වීම් පිළිබඳ තුලනාත්මක දැනුමක් ලබා ගැනීමට පහසුකම් සැලසීම.
x පර්යේෂණ සඳහා අවශ්‍ය ශාස්තී‍්‍රය ශික්ෂණය ලබා ගැනීමට සහාය වීම.
x බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ භාවනා පරිශ‍්‍රයක් ඇති කිරීමට පියවර ගැනීම.
x බෞද්ධ අධ්‍යාපනයට අවශ්‍ය පරිගණක දැනුම ඇතුළු තාක්ෂණික ඥානය ප‍්‍රවර්ධනය සඳහා පවත්නා පහසුකම් වැඩිදියුණු කිරීම.
x බාහිර පාඨමාලා මගින් විශ්වවිද්‍යාලයේ ධර්ම ශාස්ත‍්‍රීය සේවය පෘථුල කිරීම.
x පාඨමාලාවන්ට අදාළව දේශීය සහ විදේශීය ශිෂ්‍යත්ව පිහිටුවීමට කි‍්‍රයා කිරීම.

මේ සියලූ පරමාත්‍ථ_ හා අරමුණු සාධනය කර ගැනීමෙහිලා විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර ශිිෂ්‍ය ප‍්‍රජාවගෙන් පරිබාහිර වූ බාහිර සමාජය කෙරෙහිද පාඨමාලා පුළුල් කෙරෙමින් අධ්‍යාපන කි‍්‍රයාදාමය වඩාත් ඵලදායී ප‍්‍රශස්ත මට්ටමක් දක්වා ව්‍යුහගත කෙරෙමින් 2008 වසරේදී බාහිර උපාධි පාඨමාලා ආරම්භ කළ අතර පසුව වෙනත් පාඨමාලාද ආරම්භ කරමින් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන ක‍්‍රමය පුළුල් කෙරිණ. මේ සියලූ කටයුතුවලින් දැනුම, ආකල්ප, කුසලතා පරිපූර්ණ ආකල්පවලින් සමන්විත ඥානවන්ත වූ ද, ප‍්‍රඥාවන්ත වූ ද විද්‍යාර්ථියෙකු බිහි කිරීම විශ්වවිද්‍යාලයේ උත්කෘෂ්ට පරමාත්‍ථ_ය වේ

0