Library

Bhiksu University of Sri Lanka

Library

Message from the Librarian


  ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යලයීය පුස්තකාලය තවදුරටත් සංවර්ධනය කිරීමට ඇති පුස්තකාලයකි. එහෙත් දැනට පවතින සම්පත් විශ්වවිද්‍යාලයීය අධ්‍යයන හා පර්යේෂණ කටයුතු ස`දහා යම් ආකාරයක ප‍්‍රයෝජනයක් ඇතැයි විශ්වාසය පළකරමු. මෙහි වර්තමාන සමස්ත පාඨක ප‍්‍රමාණය පන්සියය ඉක්මවා නොයයි. මෙහි ඇති පොත් ප‍්‍රමාණය පනස්පන්දහසක් වන්නේය. විිශේෂයෙන්ම බෞද්ධ ධර්මයට අදාළ මූලාශ‍්‍ර කෘති හා අතිරේක කියවීම් පොත් සහ ස`ගරාවලින් සුසැදි ග‍්‍රන්ථ එකතුවට තවද බහු විෂයක පොත් මෙන්ම ස`ගරාද එකතු කරමින් මෙම පුස්තකාලය ගොඩනැගෙමින් පවතියි. එය විශ්වවිද්‍යාලයීය පුස්තකාලක්වන අතර ලංකාවෙ විශේෂ පුස්තකාලයක්ද වෙයි. එයට මූලික හේතුව වන්නෙ බෞද්ධ පුස්තකාල අතර ප‍්‍රමුඛ ස්ථානයක් මෙම පුස්තකාලයට ලබාගැනීමේ හැකියාව දැනටමත් ඇති හෙයිනි. සමාජීය විද්‍යා සහ මානව ශාස්ත‍්‍ර විෂයයන් කීපයක් ආවරණයවන පරිදි විශ්වවිද්‍යාලයේ ක‍්‍රියාත්මක කෙරෙන්නා වූ විෂය ධාරාවන්ට අදාළ පුස්තකාල විඥාපන සම්පත් මෙහි කළමනාකරණය කිරීම අපගේ වගකීම වන්නේය. කියවීම මිනිසා සම්පුර්ණ කරන කාර්යයකි. එබැවින් මෙහි ඇති සම්පත් භාවිත කිරීමෙන් තම අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සාර්ථක කරගැනීමට හැකිවේවා යැයි අපගේ සමස්ත පාඨක ප‍්‍රජාව වෙත සුබාසිංසන පුදකරමි.

වයි. කේ. තිස්ස බණ්ඩාර මහතා (වැඩ බලන පුස්තකාලයාධිකාරි)
BA (Hon's) MSSc (Library and Information Science)