Library

Bhiksu University of Sri Lanka

Library

About Us


1969 වර්ෂයේ දී බුද්ධශ‍්‍රාවක ධර්මපීඨය නමින් පිහිටුවන ලද භික්ෂු අධ්‍යාපන ආයතනය 1998.05.31 වැනි දින බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය ලෙස නව මුහුණුවරකින් ආරම්භ කෙරිණ. එවක ධර්මපීඨ පුස්තකාලය සතු වූ සියලූ පොතපත භික්ෂු විශ්වවිද්‍යාලයීය පුස්තකාලයට අත්පත් කරගන්නා ලදී. පුස්තකාලයාධිපතිවරු කිහිපදෙනෙකු යටතේ පාලනය වූ එම පුස්තකාලය 1998.08.01 දින සිට නව පුස්තකාලයාධිපතිවරයෙකු යටතේ විශ්වවිද්‍යාලයීය පුස්තකාලයක මුහුණුවරකින් නවින විද්‍යානුකූලව පුස්තකාලයක් ලෙස සංවර්ධනය වෙමින් පවතියි.

බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය 2012.07.07 සිට ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ලෙසින් සංවර්ධනය වෙමින් දේශිය හා විදේශිය භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන පර්යේෂණ වර්ධනය කිරීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයක නියුක්තව ඇත. එහෙයින් ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අවස්ථා සැලකිල්ලට ගෙන ඉහළ සේවාවක් සපයනු වස් පුස්තකාලය නව මුහුණුවරකින් සංවිධාන කිරීමට පාලනාධිකාරයෙන් උපදෙස් දෙනු ලැබෙයි. පුස්තකාලයේ කි‍්‍රයාකාරිත්වය පිළිබ`ද දැනුවත් කිරීම මෙම කෙටි හැ`දින්වීමෙන් අපේක්ෂා කෙරේ.

පාලක සභාව සනාතන සභාව පුස්තකාලය කමිටුව සහ විගණන හා කළමනාකරණ කමිටුවේ මෙන් ම අතිගරු මහෝපාධ්‍යායයන් වහන්සේගේ අධීක්ෂණය යටතේ පුස්තකාලය කළමනාකරණය වන්නේ ය.

පුස්තකාලය කමිටුව

සභාපති : ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේ

සමාජිකයන් (දැනට)

පීඨාධිපතිවරු
අධ්‍යයන අංශ ප‍්‍රධාන හිමිවරු
පුස්තකාලයාධිකාරි
ලේඛකාධිකාරි
ලේකම් : ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිකාරි