Message from the Head of Department
(අංශාධිපති හිමියන්ගේ පණිවිඩය)

ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයට අයත් සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඇතුළු කථිකාචාර්යවරුන් 17 දෙනෙකුගෙන් යුත් ප‍්‍රවීන ආචාර්ය මණ්ඩලයකින් සමන්විත, අධ්‍යාපනවිද්‍යාව, දර්ශනය, මනෝවිද්‍යාව, සමාජවිද්‍යාව, පුරාවිද්‍යාව, ඉතිහාසය, පුස්තකාලවිද්‍යාව, හා උරුම කළමනාකරණය යන විෂයධාරාවන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට හැදෑරීමේ අවස්ථාව ලබාදී ඇති වැඩිම ආචාර්ය මණ්ඩලයකින් හෙබි අධ්‍යයන අංශයයි. මෙම විෂය ධාරා අතරින් අධ්‍යාපනවිද්‍යාව හා පුරාවිද්‍යාව යන විෂයයන් විශේෂවේදී සහ සාමාන්‍යවේදී පාඨමාලා වශයෙනුත් අනෙකුත් සෑම විෂයයක් ම සාමාන්‍යවේදී පාඨමාලා වශයෙනුත් හැදෑරීමේ පහසුකම් සලසා තිබේ.
මෙම විශ්වවිද්‍යාලයට ඇතුලත් කරගනු ලබන සෑම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ම බෞද්ධ දර්ශනය විෂය අනිවාර්යයෙන් හැදෑරිය යුතුය. එය මෙම විශ්වවිද්‍යාලයේ අනන්‍යතාව ලෙස ද හඳුන්වා දිය හැකිය. මෙම ප‍්‍රධාන විෂය පෝෂණය කෙරෙමින් එයට ආනුසාංගිකව ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන මෙම අධ්‍යයන අංශයේ විෂයයන් තෝරාගැනීම සඳහා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තුළ විශේෂ උනන්දුවක් ඇති බව දක්නට ලැබේ. එනිසාම සමහර විෂයයන් සඳහා සිසුන් ඇතුලක් කරගන්නේ සීමිතවය. බාහිර උපාධි සහ පශ්චාත් උපාධි හදාරන්නන් සඳහා ද යථෝක්ත විෂයයන් තෝරාගත හැකිය.
අධ්‍යයන කටයුතුවලට අතිරේකව ශිෂ්‍ය බාහිර කි‍්‍රයාකාරකම් සඳහා ද විශේෂ අවධානයක් යොමුකර ඇති මෙම අධ්‍යයන අංශය තුළ විෂයානුබද්ධ ශිෂ්‍ය සංගම් කිහිපයක්ම කි‍්‍රයාත්මක වේ. එමගින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ කුශලතා වර්ධනය කරගැනීමට අවස්ථා සැලසේ. දැනුමෙන් පොහොසත්, යහපත් ආකල්පවලින් පිරිපුන්, කුශලතා බහුල උපාධි ධරයකු බිහිකිරීමට අවශ්‍ය ශක්තිය උපරිමයෙන් යෙදීමේ අභිලාශය අපගේ සමස්ත ආචාර්ය මණ්ඩලයේ ඒකායන අපේක්ෂාවයි.

අංශාධිපති,
ආචාර්ය පූජ්‍ය හෝමාගම ධම්මානන්ද හිමි,
සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය.


$(document).ready(function () { //set up some minimal options for the feedback_me plugin fm_options = { bootstrap: true, name_placeholder: "Name please", name_required: true, message_placeholder: "Go ahead, type your feedback here...", feedback_url: "send_feedback_bootstrap", custom_params: { csrf: "my_secret_token", user_id: "john_doe", feedback_type: "bootstarp" }, delayed_options: { success_color: "#5cb85c", fail_color: "#d2322d", delay_success_milliseconds: 3500, send_success : "Thanks for your feedback, now go ahead and follow me on twitter/github :)" } }; //init feedback_me plugin fm.init(fm_options); });