Message from the Head of Department
(අංශාධිපති හිමියන්ගේ පණිවිඩය)



මෙම ශ‍්‍රි ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය ශ‍්‍රි ලාංකේය ථේරවාදී භික්‍ෂූන් වහන්සේගේ උරුමය අනන්‍යතාව හ`දුනාගෙන උන්වහන්සේලා ස`දහාම ස්ථාපනය කර ඇති එකම විශ්වවිද්‍යාලය ලෙස අරුත් ගැන්විය හැකිය. ඒ නිසාම මෙරට විශ්වවිද්‍යාල ජාලයේ අපට සුවිශේෂී අනන්‍යතාවක් ඇත. එසේම අප ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයනාංශයත් තත් අනන්‍යතාව සංකේතානුසාරීව කියාපාන මුද්‍රාමය සංඛේතයකි.
තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්මල සද්ධර්මයත් නිර්දේශිත විනය රාමුවත් ඵෙතිහාසික බෞද්ධ ශිෂ්ටාචාරයේ ගමන් ම`ගත් හර පද්ධතියත් ගවේෂණාත්මකව ප‍්‍රායෝගිකව හැදෑරීම මෙම අධ්‍යයන අංශයේ ප‍්‍රධාන කාර්යය හා වගකීම් ලෙස හ`දුනාගෙන ඇත.
බොහෝ දර්ශන, මානව ශාස්ත‍්‍ර විෂයන් අද න්‍යායාත්මකව පමණක් ග‍්‍රහණය කර ගැනීමට යත්න දරන වටපිටාවක් තුල අප අධ්‍යයන අංශය එකී අතීත හර පද්ධතියට සජීවී වටිනාකමක් ලබා දීමට ද දායක වෙමු.
මේ වන විට මේ අධ්‍යයනාංශය විසින් ප‍්‍රායෝගික බෞද්ධ උරුමය, ආරාම සැලසුම්කරණය හා කළමනාකරණය බෞද්ධ සන්නිවේදන විධික‍්‍රම, බෞද්ධ ධම_ ප‍්‍රචාරණ න්‍යාය හා පුහුණුව, ජ්‍යෝතිෂ්‍ය - ගෘහස්ථ ආයුර්වේදය, බුද්ධ නීතිය හා සිවිල් නීතිය, සෞඛ්‍යය හා ස්වස්ථතාව පිළිබ`ද බෞද්ධ ඉගැන්වීම, බෞද්ධ සිතුවම් කලාව හා මූර්ති කලාව, බෞද්ධ සිද්ධස්ථාන ආශ‍්‍රිත මාර්ගෝපදේශනය වැනි විෂයය ද භික්‍ෂූන් වහන්සේ හා සමකාලීන සමාජ විඥානය, භාවනාව - උපදේශනය වැනි විෂයන් ද ක‍්‍රියාවට නන්වයි.
එසේම නූතන තාක්‍ෂණික දියුණුවත් සමග බුදුදහම හා බෞද්ධ සංස්කෘතික හර පද්ධතිය ලෝකයට ක‍්‍රමවත්ව ලබාදීමේ අරමුණින් ජනසන්නිවේදනය, පරිගණක ඥානය මුල්කරගත් තොරතුරු තාක්‍ෂණය පිළිබ`ද ඉගැන්වීමද අප අධ්‍යයන අංශය ම`ගින් ක‍්‍රියාවට නැන්වෙනවා ඇත.


අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය වැලිවිට සෝරත හිමි
ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශය

$(document).ready(function () { //set up some minimal options for the feedback_me plugin fm_options = { bootstrap: true, name_placeholder: "Name please", name_required: true, message_placeholder: "Go ahead, type your feedback here...", feedback_url: "send_feedback_bootstrap", custom_params: { csrf: "my_secret_token", user_id: "john_doe", feedback_type: "bootstarp" }, delayed_options: { success_color: "#5cb85c", fail_color: "#d2322d", delay_success_milliseconds: 3500, send_success : "Thanks for your feedback, now go ahead and follow me on twitter/github :)" } }; //init feedback_me plugin fm.init(fm_options); });