Post Graduate Studies Unit

Post Graduate Studies Unit

ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්යාලයේ පශ්චාත් උපාධි පාඨමාලා නියමාවලිය

01.පශ්චාත් උපාධි පාඨමාලා

උපාධි පාඨමාලාව

කාලය (අවුරුදු)

ශාස්ත‍්‍රපති
(සපර්යේෂණ)

02

දර්ශනපති

02

දර්ශන විශාරද

03



02. පශ්චාත් උපාධි විෂයයන් හා එම විෂයයන් බලාත්මක අධ්‍යයන අංශ, අධ්‍යයන මණ්ඩල

විෂය

අධ්‍යයන අංශය

අධ්‍යයන මණ්ඩලය

පාලි

බෞද්ධ හා පාලි අධ්‍යයනාංශය

බෞද්ධ අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

බෞද්ධ දර්ශනය

බෞද්ධ හා පාලි අධ්‍යයනාංශය

බෞද්ධ අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

බෞද්ධ ශිෂ්ටාචාරය

බෞද්ධ හා පාලි අධ්‍යයනාංශය

බෞද්ධ අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

සිංහල

භාෂා අධ්‍යයනාංශය

භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

සංස්කෘත

භාෂා අධ්‍යයනාංශය

භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

පුරාවිද්‍යාව

සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය

භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

ඉතිහාසය

සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය

භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

සමාජවිද්‍යාව

සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය

භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

අධ්යාපන විද්‍යාව

සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය

භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

මනෝවිද්‍යාව

සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය

භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

දර්ශනය

සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය

භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය

පුස්තකාල විද්‍යාව

සමාජීයවිද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය

භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨ උසස් උපාධි අධ්‍යයන මණ්ඩලය



03. මාධ්‍යය

සිංහල/ඉංග‍්‍රීසි



04. පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීම

පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ හැකි ආකාරය පුවත්පත් මගින් හා අන්තර්ජාලය මගින් ප‍්‍රසිද්ධ කරනු ලැබේ. ඒ අනුව ලබා ගන්නා ලද අයදුම්පත‍්‍රය නිසි පරිදි පුරවා පහත සඳහන් ලේඛන සමග ‘‘සහකාර ලේඛකාධිකාරි, පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකය, ශී‍්‍ර ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, භික්‍ෂු විශ්වවිද්‍යාලය මාවත, නව පුත්තලම් පාර, අනුරාධපුර’’ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

  1. උප්පැන්න සහතිකයේ පිටපතක්
  2. සාමනේර/ උපසම්පදා සහතිකයේ පිටපතක්
  3. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  4. අධ්‍යාපන සුදුසුකම් සනාත කරගැනීම සඳහා ඉල්ලා ඇති ලියකියවිලි
  5. ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරන ගෙවීම් පත‍්‍රිකාව නිසි පරිදි පුරවා ඒ සමග අයදුම්පත් ගාස්තු රු.1000.00 ක් මහජන බැංකුවේ අංක 008-1001-700-14461 දරන ගිණුමට බැරකර ලබා ගන්නා ලදුපත හා ගෙවීම් පත‍්‍රිකාවේ පිටපත.

http://www.busl.ac.lk/ යන වෙබ් අඩවිය මගින් ද අයදුම් පත‍්‍රය සහ ගෙවීම් පත‍්‍රිකාව බාගත හැකිය.



05.පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීම

අයදුම් පත‍්‍රය හා පර්යේෂණ යෝජනාව අදාළ උසස් උපාධි අධ්ය යන මණ්ඩලයේ නිර්දේශය පරිදි සනාතන සභාව විසින් අනුමත කළ පසු අයදුම්කරු මෙම විශ්වවිද්යාාලයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි කරගනු ලැබේ. ඒ සඳහා අදාළ පාඨමාලා ගාස්තුව ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරන ගෙවීම් පතරිා කාව සමග මහජන බැංකුවේ ගිණුම් අංක 008-1001-700-14461 දරන ගිණුමට බැර කොට ලබා ගන්නා ලදුපත පශ්චාත් උපාධි අධ්යේයන ඒකකයට භාර දිය යුතුය.



06.ලියාපදිංචිය අලූත් කිරීම

ඒ ඒ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා තම ලියාපදිංචිය වාර්ෂිකව අලූත් කරගත යුතුය.



07.කාලය දීර්ඝ කිරීම

නියමිත ලියාපදිංචි කාලය අවසන් වීමට මාස 03 කට පෙර පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකය මගින් නිකුත් කරන ලියාපදිංචිය දීර්ඝ කිරීමේ ආකෘති පත‍්‍රය නිසි පරිදි සම්පූර්ණ කර ශිෂ්‍යයා විසින් තම ලියාපදිංචි කාලය දීර්ඝ කිරීමට ඉල්ලූම් කළ යුතුය.

ලියාපදිංචි කාලය දීර්ඝ කළ හැකි කාල සීමාව

පාඨමාලාව

කාල සීමාව

ශාස්ත‍්‍රපති (සපර්යේෂණ)

උපරිම කාල සීමාව අවුරුදු 02

දර්ශනපති

උපරිම කාල සීමාව අවුරුදු 03

දර්ශන විශාරද

උපරිම කාල සීමාව අවුරුදු 05

උපරිම කාලය ඉක්ම වූ අපේක්‍ෂකයන්ගේ ලියාපදිංචිය අවලංගු වේ.



08.පාඨමාලා ක‍්‍රමවේදය

8.1 ශාස්ත‍්‍රපති (සපර්යේෂණ) උපාධි පාඨමාලාව

8.2 දර්ශනපති උපාධි පාඨමාලාව

8.3 දර්ශන විශාරද උපාධි පාඨමාලාව



09. පාඨමාලා ගාස්තු

ගාස්තු

ශාස්ත‍්‍රපති
(සපර්යේෂණ)

දර්ශනපති

දර්ශන විශාරද

අයදුම්පත‍්‍ර ගාස්තුව

රු. 1,000.00

රු. 1,000.00

රු. 1,000.00

ලියාපදිංචි ගාස්තුව

රු. 5,000.00

රු. 5,000.00

රු. 5,000.00v

පාඨමාලා ගාස්තුව

රු. 36,500.00

රු. 71,000.00

රු. 110,000.00

පරීක්‍ෂණ ගාස්තු

රු. 15,000.00

රු. 20,000.00

රු. 30,000.00

පුස්තකාල ගාස්තු

රු. 2,500.00

රු. 3,000.00

රු. 4,000.00

එකතුව රු.

රු. 60,000.00

රු. 100,000.00

රු. 150,000.00

(පාඨමාලා ගාස්තුව එකවර හෝ වාරික දෙකකින් ගෙවීම් කිරීමට හැකිය)



10. වෙනත් ගාස්තු

ගාස්තුව

මුදල (රු.)

පුස්තකාල තැන්පතු (ආපසු ගෙවන)

5,000.00

ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තුව (වාර්ෂික)

1,000.00

ප‍්‍රතිඵල ලේඛනය

1,500.00

උපාධි සහතිකය

1,500.00

ප‍්‍රතිඵල ලේඛනයේ පරිවර්තන
(දේශීය ලියාපදිංචි තැපැල් ගාස්තුව ඇතුළත්ව)

1,500.00

ප‍්‍රතිඵල ලේඛනයේ පරිවර්තන
(විදේශීය ලියාපදිංචි තැපැල් ගාස්තුව ඇතුළත්ව)

2,500.00



සටහන :

  1. මෙම ගාස්තු අවශ්‍යතාව අනුව සංශෝධනය කළ හැකිය.
  2. ආපසු ගෙවනු ලබන පුස්තකාල තැන්පතු ලියාපදිංචි කිරීමේ දී පමණක් අය කරනු ලැබේ.
  3. ප‍්‍රමාද වී ලියාපදිංචි ඉල්ලා සිටින විට ප‍්‍රමාද ගාස්තු වශයෙන් රු. 1000.00 මුදලක් ගෙවිය යුතුය.
  4. අපේක්ෂකයෙකු නියමිත දින සම්මන්ත‍්‍රණයට සහභාගි නොවුවහොත් තවත් එක් අවස්ථාවක් සඳහා පමණක් අවසර දෙනු ලැබේ. එම අවස්්ථාව සඳහා රු. 5000.00 ක මුදලක් අයකරනු ලැබේ. රජයේ පිළිගත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් හෝ පිළිගත හැකි වෙනත් හේතුවක් මත සහභාගි නොවන අපේක්‍ෂකයන් විසින් මේ දඩ මුදල් ගෙවීම අවශ්‍ය නොවේ.


පොදු උපදෙස්

  1. ශාස්ත‍්‍රවේදි සාමාන්‍ය උපාධිය යටතේ හෝ ප‍්‍රාචීන අවසාන පරීක්‍ෂණය යටතේ ශාස්ත‍්‍රපති (පර්යේෂණ* උපාධිය සඳහා ලියාපදිංචි වීමට අපේක්‍ෂා කරන අයදුම්කරුවන් විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ලිඛිත පරීක්‍ෂණයකට ඉදිරිපත් විය යුතුය. එසේ නැතහොත් විශ්වවිද්‍යාලය මගින් නියම කරනු ලබන මාතෘකාවක් යටතේ මුද්‍රිත පිටු 15 කට නො අඩු පර්යේෂණ පති‍්‍රකාවක් ඉදිරිපත් කළ යුතුය.
  2. ශාස්ත‍්‍රපති උපාධි ශිෂ්‍යයන් පර්යේෂණ ක‍්‍රමවේදය පිළිබඳ පවත්වනු ලබන දේශන සඳහා අනිවාර්යෙන් සහභාගි විය යුතුය.
  3. උපදේශක/ උපදේශකවරුන්ගේ සහ අධ්‍යයනාංශ ප‍්‍රධානගේ නිර්දේශ නොමැති ව නිබන්ධය පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයට භාර දිය නොහැකිය.
  4. තාවකාලික බැම්මෙන් යුක්ත ව නිබන්ධය පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයට භාර දෙන විට ශිෂ්‍ය ලියාපදිංචි අංකය පමණක් යෙදිය යුතුය.
  5. ස්ථිරව නිබන්ධය භාර දීමේ දී පිිටපත් 03 කින් භාර දිය යුතුය.
  6. උසස් උපාධි අධ්‍යයන මණ්ඩලයේ නිර්දේශ සලකා බලා සනාතන සභාව විසින් නියමිත උපදේශකවරුන් පත්කරනු ලැබේ.
  7. සෑම අපේක්‍ෂකයකු ම විශ්වවිද්‍යාලයෙන් නිකුත් කරන නියමිත ආකෘති පත‍්‍රය මගින් මාස හයකට (6) වරක් තම පර්යේෂණයේ ප‍්‍රගති වාර්තාවක් පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකය වෙත භාර දිය යුතු ය.