Student Counseling

Academic staff members have been appointed as student counsellors to deal with the university students’ daily issues and to instruct the courses and examination activities etc.
At present Rev. Welipitiye Pagngnarathana thero is working as the Buddhist Counselor.

 

ශිෂ්‍ය උපදේශක සේවාව

විශ්වවිද්‍යාලය සිසුන්ගේ දෛනික ජීවන ප‍්‍රශ්න මෙන් ම පාඨමාලා හා විභාග පිළිබඳ අධ්‍යාපන ප‍්‍රශ්න නීති රීති යනාදිය සඳහා උපදෙස් දීම සඳහා ශිෂ්‍ය උපදේශකවරුන් වශයෙන් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සමාජිකයින් දෙදෙනෙකු පත් කර ඇත.

ශිෂ්‍ය උපදේශකවරුන්ගේ කාර්යභාරය

සියලූ ම සිසුන්ගේ පෞද්ගලික හෝ ශිෂ්‍ය ගැටලූ හෝ පිළිබඳ ව අවබෝධයකින් හෝ හැඟීමකින් ශිෂ්‍ය උපදේශකවරුන් කටයුතු කරන බැවින්, එබඳු අවශ්‍යතා ඔවුන්ගේ අවධානයට ලක් කිරීම ශිෂ්‍යයන්ගේ වගකීම වේ. ශිෂ්‍ය උපදේශකවරුන් වෙත මෙසේ දක්වනු ලබන පෞද්ගලික කරුණු රහසිගත ව තබා ගනු ලැබේ.

ශිෂ්‍ය උපදේශකවරුන් සතියේ සෑම දිනක ම පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා අදාළ අධ්‍යයනාංශවල දී හමුවීමට පුළුවන. ශිෂ්‍ය උපදේශකවරුන් පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

  • ශිෂ්‍යයන් විසින් කරනු ලබන පැමිණිලි හා විමසීම් ආදිය පරීක්ෂා කර බලා, ස්වකීය නිරීක්ෂණ ද සමග අදාළ අංශවලට යොමු කිරීම සහ අවස්ථානුකූල ව උපදෙස් දීම.
  • ශිෂ්‍යයින්ගේ නිවාඩු ඉල්ලීම් පිළිබඳ ව හා දේශනවලට සහභාගී වීම පිළිබඳ ව පරීක්ෂා කර බලා අදාළ අංශවලට වාර්තා කිරීම.
  • ශිෂ්‍ය චාරිකා, අධ්‍යයන චාරිකා සංවිධානය කිරීමේ කටයුතු හා උපදෙස් දීම.
  • විශ්වවිද්‍යාලය භූමිය තුළ ශිෂ්‍යයන් විසින් මුදල් එකතු කිරීම් පිළිබඳ ව කටයුතු සහ ඒවා පාලනය කිරීම.
  • අධ්‍යයනාංශවලට සීමාවන ශිෂ්‍ය සංගම් සහ පොදු ශිෂ්‍ය සංගම් පිළිබඳ කටයුතු සඳහා උපදෙස් දීම.
  • රැුස්වීම් සඳහා බාහිර දේශකයන් ගෙන්වීම සහ පවත්වනු ලබන රැුස්වීම් පාලනය කිරීම හා හසුරුවා ලීම.
  • ශිෂ්‍යයින්ගේ විවිධ උත්සව හා සංදර්ශන පාලනය කිරීම හා හඳුනා ගැනීම.
  • වෙනත් ශිෂ්‍ය සුභසාධන හා විනය කටයුතු පිළිබඳ මහෝපාධ්‍යායයන් වහන්සේට නිර්දේශ ඉදිරිපත් කිරීම.